Featured news thumbnail

2nd සැප්. 2026

“සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1000” ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 10 ක් සඳහා මුල්ගල් තබනු ලැබේ.

අද ආරම්භ කරන ලද සියලුම සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථානවල ඉදිකිරීම් දෙසැම්බර් මාසය අවසන් වන විට අවසන් කරන බවත්, තවත් මධ්‍යස්ථාන 25 ක ඉදිකිරීම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ජනතාවට වඩාත් සමීප හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන “සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1000” ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකරන ලද සුවතා මධ්‍යස්ථාන සඳහා මුල්ගල් තැබීම අද (01) නිල වශයෙන් ආරම්භ විය.

පුවත් වෙත ආපසු