Featured news thumbnail

2nd සැප්. 2025

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ආරෝග්‍යා ජංගම සුවසායනය පාලින්ද නුවර කෙලින්කන්ද කොස්ගුලන කනිෂ්ට විද්‍යාලයේ දී ඊයේ (30) දවස පුරා පවත්වන ලදී.

එහිදී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය, ආයුර්වේද සායනය, දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, අක්ෂි සායනය ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්වූහ. ප්‍රදේශයේ ජනතාව දහසකට අධික ප්‍රමාණයක් මෙහි දී සේවා ලබාගත් අතර ඇස් කණ්නාඩි අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙන ලදී. සියලුම රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ බෙහෙත් ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් අදාල රෝහල් සායන වෙත යොමු කරන ලදී.

එහිදී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය, ආයුර්වේද සායනය, දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, අක්ෂි සායනය ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්වූහ. ප්‍රදේශයේ ජනතාව දහසකට අධික ප්‍රමාණයක් මෙහි දී සේවා ලබාගත් අතර ඇස් කණ්නාඩි අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙන ලදී.
සියලුම රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා නොමිලේ බෙහෙත් ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් අදාල රෝහල් සායන වෙත යොමු කරන ලදී.

පුවත් වෙත ආපසු