Featured news thumbnail

30th අගෝ. 2025

යන්ත්‍රය ස්ථාපිත කිරීමට කිරීමට අවශ්‍යවන ඉදිකිරීම් ආරම්භ කරයි. ගාල්ල, කරාපිටිය ජාතික රෝහලට ලැබෙන දෙවන ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය මෙය වේ ...

ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත.

This is the second linear accelerator machine to be received by the Karapitiya National Hospital in Galle …

ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත.

එම අති නවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය (Linear accelerators) ස්ථාපිත කිරීමට අවශ්‍යවන බංකරයේ (New Linac Bunker) ඉදිකිරීම් ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල,කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකක පරිශ්‍රයේ දී සිදුවිය. මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහාත්, ජනතාව දැනුම්වත් කිරීම සදහාත්, ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මුල්ගල තැබීමෙන් අනතුරුව අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ ය.
බෝනොවන රෝග අතරින් දියවැඩියාව,අධිරුධිර පීඩනය,පිළිකා රෝග තත්ත්වයන් මේවන විට ඉහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය දත්ත පෙන්නුම් කරන බවත්, ජාතික හා අන්තර්ජාතික සහයෝගයන්ද ලබා ගනිමින් බෝනොවන රෝග මෙන්ම පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට අමාත්‍යවරයාගේ උපදෙසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද ලේකම්වරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය. මධ්‍යම රජයේ මුල්‍ය ප්‍රතිපාදන මගින් ඉදිකිරීමට යෝජිත මෙම බංකරය (New Linac Bunker) සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 220 කි. මෙහි ඉදිකිරීම් මාස හයක් තුළ නිමකිරීමට සැලසුම් කර ඇති අතර ඉදිකරීම් සදහා ශ්‍රම දායකත්වය ශ්‍රි ලංකා යුධ හමුදාව මගින් ලබා දෙන අතර ඉදිකිරීම් අවසන් වූ සැනින් නව යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිතය. මෙහි සියලු සැලසුම් නිර්මාණය කිරීම සහ ඉදිකිරීම් උපදේශක සේවා මධ්‍යම ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශය (cecb) මගින් සිදු කරනු ලබයි. මේවන විට ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය තුළ එක් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් ස්ථාපිත කර ඇති අතර ඉදිරි කාලයේදී තවතවත් කාර්යක්ෂම රෝගී ප්‍රතිකාර සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම අතිනවීන ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය ස්ථාපිත කරන අතර මෙමගින් දකුණු පළාතේ ජනතාවට මෙන්ම යාබද දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට පොරොත්තු ලේඛනවල නොසිට ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මුල්ගල තැබීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පිළිකා ප්‍රතිකාර ඒකකයේ විශේෂ නිරීක්ෂණයකද නිරත විය. එහි දී රෝගී ජනතාවට ගුණාත්මක, විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබාදීමට අවශ්‍යවන භෞතික හා මානව සම්පත් මෙන්ම පිළිකා ප්‍රතිකාර ඒකකයේ සිදුකලයුතු නවීන සංවර්ධන ක්‍රමවේදයන් පිළිබදවත් විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, භෞතික විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දීර්ඝව කරුණු විමසන ලද අතර එම අදහස්,යෝජනා සහ ගැටලුවලින් යම් ප්‍රමාණයකට විසදුම් ලබා දීමටද ලේකම්වරයා එහි දී පියවර ගන්නා ලදී.‍ එසේම අතිනවීන කෙටිදුර ප්‍රතිකාර යන්ත්‍රයක් (brachytherapy machine) ස්ථාපිත කිරීම සදහා අවශ්‍යවන බංකරයේ ඉදිකරිම් ද මේවන විට අවසන්ව ඇති අතර එයද ලේකම්තුමාගේ නිරීක්ෂණයට ලක්විය. මෙම අතිනවීන යන්ත්‍ර සදහා මූල්‍ය දායකත්වය ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් ලබාදීමට නියමිතය. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ශ්‍රී ලංකා යුධ හමුදාවේ 61වන පාබල සේනාවේ සේනාධිපති මේජර් ජෙනරාල් ඩබ්.එස්.වී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් එන්.එන්. අබේසේකර, ජේෂ්‍යඨ පිළිකා විශේෂඥවෛද්‍ය ජයමිනි හුරුදුගොඩ, පිළිකා ශළ්‍ය විශේෂඥ වෛද්‍ය දිලීප මහලියන, විකිරණවේද විශේෂඥවෛද්‍ය චානිකා කුලතුංග, පිළිකා විශේෂඥවෛද්‍ය මහිලාල් විජේකොන්, ප්‍රධාන භෞතික විද්‍යාඥ පින්සරා ද සිල්වා, ප්‍රධාන විකිරණ ශිල්පි සුමේධ ඉඩමෙගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

පුවත් වෙත ආපසු