Please send your comments to postmaster@health.gov.lk

MINISTRY OF HEALTH, NUTRITION & INDIGENOUS MEDICINE

Sri Lanka

 

Progress Review Meeting - November 2018 2018-11-27

ප්‍රධාන කතෘ - පුවත්පත්
ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ - රූපවාහිනී/ගුවන්විදුලි
සංස්කාරක - වෙබ් පුවත්
මහත්මයානෙනි/මහත්මියනි,

රෝහල් වල පිරිසිදුකම ඉතා වැදගත්  - සෞඛ්‍ය ඇමති චමල් රාජපක්‍ෂ මහතා.

රෝහල් වල තිබෙන අඩුපාඩු හදාගන්නේ නැතිව පොදු සෞඛ්‍ය සේවාවක් අපට ලබා දෙන්න බැහැ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.

අමාත්‍යතුමා මේසේ පැවසුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අතිගරු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථායේ ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදීය.

අමාත්‍යතුමා එහිදී මෙසේ ද පැවසීය,

රෝහල්වල පිරිසිදුකම ඉතාමත් වැදගත්, ඒ වගේ  ම රෝගීන්ට දෙන ආහාර වල පිරිසිදුකමත් වැදගත්. ආහාර පිලියෙල කරන ස්ථාන පිරිසිදුව තබාගත යුතුයි. මේ දිනවල අපට එල්ලවන ප්‍රධාන චොදනාවක් තමයි  පිළිකා වලට දෙන ඖෂධ වල කිසිම ගුණාත්මක බාවයක් නැහැ කියන එක. ගොඩක් වෙලාවට රෝහල් වලින් එල්ලවෙන ලොකු චෝදනාවක් තමයි රෝහල් වල තිබෙන පිරිසිදු කමගැන, රෝගීන්ට ලැබෙන කෑම වල තිබෙන පිරිසිදුභාවය හා රෝහල් කාර්ය මණ්ඩලයේ හැසිරීම ගැන, අපට මේ දේවල් හදා ගන්නේ නැතිව හොද ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනයාට ලබා දිමට හැකි වන්නේ නැහැ. ඔබතුමාලා හට මේවා ගුණාත්මකව සිදුකරගෙන යාමේ යෝජනා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරිමේ හැකියාව තිබෙනවා. අද මේ තිබෙන දේශපාලන වාතාවරණය අනුව අද මොනවා වෙයිද කියලා මටත් හරියට හිතා ගන්න බැහැ. කොහොම උනත් මේ ඉන්න ටික කාලයේ හරි ජනතාවට වඩාත් හොද සේවාවක් සිදු කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන ලෙස ඔබලාගෙන් මා ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ,

"සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතා කිහිපයක් මා දකිනවා. 2018 වර්ෂයේ  අපට පුනරාවර්තන වියදමි විදිහට රුපියල් බිලියන 134 කට  වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. එයින් 83 % ක් මේවන විට අපි වියදම් හැටියට දරලා තියෙනවා. මා සිතනවා මේ වසර අවසන්වෙනකොට මේ මුදල අවසන් වෙයි කියලා. එත් එක්කම ප්‍රාග්දන වියදම් විදිහට රුපියල් බිලියන 47 ක ප්‍රමාණයක් තුලින් 44% ප්‍රමාණයක් මේවන විට අවසන් වී තිබෙනවා. මා විශ්වාස කරනවා දෙසැම්බර් මස අවසන්වන විට මේ තත්වය 70% ක් දක්වා වර්ධනය වෙයි කියලා. මෙහිදී රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් 77 ක් හා විදේශ විනිමය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් 27 ක් දැනට ක්‍රියාත්මක වෙනවා. සේවක වැටුප ගෙවීම සදහා වසරකට රුපියල් බිලියන 73 ක් අවශ්‍ය වෙනවා. ඖෂධ වර්ග මිළ දී ගැනීම සදහා   අපිට රුපියල් බිලියන 45 ක පමණ වියදමක් දැරීමට සිද්ධවෙනවා. අපි අක්‍ෂි කාච නොමිළේ

රෝගීන් සදහා ලබා දීමට කටයුතු කරනවා. මේ සදහා විශාල මුදලක් රජය විසින් දරනවා. අපි ප්‍රථිපත්තිමය වශයෙන්  ඉදිරියට කේසේද කටයුතු සිදු කළ යුත්තේ යන්න විද්වත් මණ්ඩල තුලින් මා සාකච්ඡා සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ අළුත් අමාත්‍යතුමන්ගේ අශිර්වාදයත් එක්ක අපිට ඉතාමත් සාර්ථක ගමනක් යාමට හැකි වේ යැයි මා විශ්වාස කරනවා.

ස්තූතියි.
මෙයට,
විශ්වාසී

  ප්‍රසන්න අධිකාරි
  අධ්‍යක්‍ෂ(මාධ්‍ය)
  0714819207