රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාගන්නා ලදි.
කොළඹ ඩි.එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා රුසියාවේ මොස්කව් මෙඩිකල් ඇකඩමියෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත. පොළොන්නරුව මහ රෝහලේ සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා 2001 වසරේ සිට 2009 වසර දක්වා පොළොන්නරුව ප්රලතිසිගම ග්‍රාමීය රෝහලේ සේවය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2008 වසරේ සංවිධානය කළ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී දිවයිනේ හොදම වෛද්‍යවරුන් පස්දෙනා අතරට වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ද තෙරී පත්විය.
SUWASIRIPAYA, No 385, Rev.
Baddegama Wimalawansa Thero Mawatha,
Colombo 10, Sri Lanka.
Telephone(General):
(+94)112 694033, (+94)112 675011,
(+94)112 675449, (+94)112 693493
Copy Right @ MINISTRY OF HEALTH
Last Update 2021-01-17